.webp)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක එකගතාවයෙන් සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙකු පත්කළ යුතුයි.
මේ අනුව කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම්වරයෙකුවන ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන රංජිත් ආරියරත්න යන තිදෙනා පත් කිරීමට එකගතාවකට පැමිණ තිබේ.
ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් ලෙස කටයුතු කල වෛද්‍ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්නගේ නිල කාලය පසුගිය 16 වනදා අවසන් විය.
කථානායකවරයා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිධුරය දරණ අතර අග්‍රමාත්‍යවරිය සහ විපක්ෂ නායවරයාද නිල බලයෙන් පත්වන සාමාජිකයින් ය.
මීට අමතරව බිමල් රත්නායක අමාත්‍යවරයා, අජිත් පී පෙරේරා, අබූබකර් අතම්බාවා සහ සිවඥානම් ශ්‍රීතරන් යන මන්ත්‍රීවරුන් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කළ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ නම් අග්‍රාමාත්‍යවරිය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
