.webp)
-608993.jpg)
එම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සද එක් වී සිටි අතර , ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson) මහත්මිය, විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්ත (Ankuran Dutta) මහතා, “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.
“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුබ පැතුම් පළ කළ අතර එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන්නැයි ටිල්වින් සිල්වාට සහ අමාත්‍ය නලින්ද ජයතිස්සට එම පිරිස විසින් ආරාධනයක්ද කර තිබේ.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
