අගමැති සහ ආසියානු සංවර්ධන බැංකු සභාපති අතර හමුවක්

අගමැති හරිනි සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්

by Staff writer 21-01-2026 | 8:45 AM

COLOMBO(News1st) - ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්ඩා හමුවී තිබේ.

සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ , ලෝක ආර්ථික සංසදය පවත්වන ස්විට්සර්ලන්තයේ කොංග්‍රස් මධ්‍යස්ථානයේදී එම හමුව සිදුවූ බවයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය එම සංචාරයේදි  56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි දි ලබන 23 වනදා දක්වා එය පැවැත්වෙනු ඇති.