සහකාර රස පරීක්ෂකවරුන් 26ක් බඳවා ගැනීමට පියවර

සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර

by Staff writer 20-01-2026 | 3:34 PM

COLOMBO(News1st) - ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.

ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතුවලට ගැටලු මතුව තිබේ.

ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.