අඩාල වී තිබූ දුම්රිය ගමන්වාර 3ක් යළි ඇරඹේ..

අඩාල වී තිබූ දුම්රිය ගමන්වාර 3ක් යළි ඇරඹේ..

by Staff writer 20-01-2026 | 9:23 AM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ගමන්වාර තුනක් අද සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය සහ පුලතිසි නගරාන්තර දුම්රිය ද ඒ අතර බවයි.