ජල ටැංකියකින් පිස්තෝලයක් හා පතොරම් තොගයක්

කෙසෙල්වත්තේ මහල් නිවසක ජල ටැංකියකින් පිස්තෝලයක් හා පතොරම් තොගයක් සොයා ගැනේ.

by Staff writer 19-01-2026 | 9:10 AM

COLOMBO(News1st) - කෙසෙල්වත්ත, සාංචිආරච්චිවත්ත මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක තිබී පිස්තෝලයක් සහ පතොරොම් 29ක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම අවිය කලකට පෙර එහි දමා ඇති බවට නිරීක්ෂණය වන බවයි.

එහි ඇතැම් කොටස් මල බැඳී දිරාපත්ව ඇති බවත් අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේ ය.