.webp)

එහිදී ඉන්දියාව තුළ බංග්ලාදේශය ක්‍රීඩා කිරීමේදී තම ප්‍රේක්ෂකයින්ගේ, මාධ්‍ය කණ්ඩායම්වල සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කර ඇති බව දැක්වේ.
ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා කරන තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මෙවැනි තත්වයක් තුළ තරගාවලියේ B සහ C කාණ්ඩ මාරු කිරීම සඳහා බංග්ලාදේශය කළ ඉල්ලීම අයර්ලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මෙවර ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.
මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මෙම මතභේදාත්මක තත්ත්වය වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ද පැමිණ තිබීමත් විශේෂත්වයකි.
ඊයේ දිනයේ මූලික වටයේ දෙරට අතර පැවැති තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ නායකයින් අතට අත දීමක් සිදු කළේ නැහැ.
