රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් 882ක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුම් යටතේ සැකකරුවන් 882ක් අත්අඩංගුවටCOLOMBO(News1st) -

by Staff writer 18-01-2026 | 4:56 PM

COLOMBO(News1st) -රටම එකට මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 882 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ(17) දිනයේ දිවයින පුරා සිදුකල වැටලීම් 879කදීයී.

එහිදී රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 9කි.

එක් සැකකරුවෙකු පුනරුත්තාපනයට යොමුකර තිබෙන අතර වැටලීම් 269 කදී හෙරොයින් ග්‍රෑම් 400 පොලිස්  භාරයට ගෙන තිබේ.

අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 11 ක්  පොලිස් භාරයට ගෙන ඇත්තේ වැටලීම් 315කදී.

පොලීසිය සඳහන් කළේ, ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 247ක් සහ ගංජා පැල 88 050ක් වැටලීම් 208කදී සොයාගත් බවයි.

ඊයේ සිදු කළ වැටලීමේදී පොලිස් භාරයට ගත් කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 500ක්.

පොලීසිය සඳහන් කළේ,  එක් සැකකරුවෙකුට අදාලව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බවයි.