.webp)
-608793.jpg)
ගොවිජන සංවර්ධන කොමසාරිස් චමින්ද ඒකනායක සඳහන් කළේ, Online ඔස්සේ දිවයින පුරා සිටින සියලු ගොවීන්ට එහි ලියාපදිංචි විය හැකි බවයි.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ එම වැඩසටහන ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳව බිම් මට්ටමට ගොස් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලබන පෙබරවාරී 2 වැනිදා සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ යටතේ අදාළ පද්ධතිය පිළිබඳව සියලු ගොවීන් දැනුවත් කරන බව, චමින්ද ඒකනායක සදහන් කළේ ය.
මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීම එම වැඩසටහනේ අරමුණ බව, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ය.
