දකුණු වෙරළ තීරයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි

සංචාරක සමය තුළ දකුණු වෙරළ තීරයේ ඉදිකිරීම් හා කැනීම් තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් - ධීවර නියෝජ්‍ය ඇමති

by Staff writer 17-01-2026 | 8:09 AM

COLOMBO (News1st) - සංචාරක සමය තුළ දකුණු සංචාරක පුරවරය ආශ්‍රිත වෙරළ තීරයේ ඉදිකිරීම්, ඉවත් කිරීම් හා කැනීම් තාවකාලිකව නතර කිරීමට දැනුම්දී ඇතැයි  ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ් අනුව උණවටුන, රූමස්සල, යද්දෙහිමුල්ල, මිහිරිපැන්න, හබරාදූව, කතලුව හා අහංගම යන වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඒවැනි කැනීම්, ඉදිකිරීම්, සංචාරයක සමයට පෙර සිදුකරන ලෙස දැනුම්දී ඇති වබයි.