බූස්සේ කලහකාරී රැඳවියන් වෙනත් බන්ධනාගාරයකට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ කලහකාරීව හැසිරුණු රැඳවියන්, වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට පියවර - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 17-01-2026 | 7:26 AM

COLOMBO (News1st) - බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ කළහාකාරීව හැසිරුනු රැඳවියන්, වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට කටයුතු කරන බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සදහන් කළේ, ඊයේ(16) පස්වරුවේ, රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ D අංශයේ වහලය මතට නැඟ පරිපාලනයට එරෙහිව විරෝධතාවක නිරත වූ බවයි.

එහිදී ඔවුන් බන්ධනාගාර දේපලවලට ද හානි කර තිබුණි.

පසුව, නිලධාරීන් සහ පොලීසිය මැදිහත්ව තත්ත්වය මැඩපැවැත්වූ බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම රැඳවියන් තවදුරටත් එහි රඳවා ගත නොහැකි බැවින්, වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවීමට සැලසුම් කර තිබේ.

විරෝධතාව අතරතුර බන්ධනාගාර දේපලවලට සිදුව ඇති හානි තක්සේරු කිරීම ද, අද සිදුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.