.webp)

පොලීසිය පැවසුවේ 67 හැවිරිදි කඩවත්ගම, මැදවච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මියගොස් ඇති බවයි.
දෙදරු පියෙකුවන අදාල පුද්ගලයා වැඩිමහල් පුත්රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටිනු අසල නිවසක පදිංචි බාල පුතා දැක ඇති බවයි.
අදාල පුද්ගලයා වැඩිමහල් පුත්රයා සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවු ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදි අනාවරණවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනය සම්බන්ධයෙන් 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
