.webp)

පොලීසිය පැවසුවේ, විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව බියගම, පේරගස්හන්දිය ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි..
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. 24 හැවිරිදි බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය පළමුවැනිදා නවගමුවේදී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට සිදුකල වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයවී අනෙක් පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල ලැබීය.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
