.webp)

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු හා අවුරුදු 3ක ගැහැණු දරුවෙකු ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් පැවසුවේ ඊයේ(16) රාත්‍රී 10ට පමණ ජින්තුපිටිය වටරවුම යාබද ඉඩමට ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම කර පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වෙරළබඩ පොලිස්ථාන හා කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.
