ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක්

ඉන්දියාවේ සිට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන 04 වැනිදා සිට ගංගාරාමයේදී

by Staff writer 17-01-2026 | 9:49 PM

COLOMBO(News1st) - ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස 04 වැනිදා සිට කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී  සිදු කෙරෙයි.

එම ධාතුන් වහන්සේ මෙරට වැඩම කෙරෙන්නේ , ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ය.

බුද්ධ ශාසන අමාත්‍යංශය පැවසුවේ ප්‍රදර්ශනය පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැ දැක මේ පිළිබඳ දැනුවත් කළේ ය.

එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, ගුජරාටයෙන් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කරන බවයි.