.webp)
-608667.jpg)
ඇය ඒ බව සඳහන් කළේ, ට්‍රම්ප් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකාවේ ධවල මන්දිරයෙන් නික්ම යන අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමිනි.
කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා එය පිළිගත්තේද නැද්ද යන්න පිළිබඳව ඉදිරිපත් වූ ප්‍රශ්නවලට,මරියා මචාඩෝ පිළිතුරු ලබාදී නොමැත.
වෙනිසුවෙලානු විපක්ෂ නායිකාව වැඩිදුරටත් සඳහන් කළේ, වෙනිසුවෙලාවේ නිදහස වෙනුවෙන් එරට ජනතාව, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන බවයි.
මෙරට වේලාවෙන් ඊයේ(15) රාත්‍රී 11ට පමණ, පැයක පමණ කාලයක්, ඇය අමෙරිකානු ජනාධිපතිවරයා සමග පෞද්ගලික සාකච්ඡාවක නිරත වූ බව විදෙස් වාර්තාවල සදහන් වේ.
කෙසේ නමුත් එම සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර නොබෙල් සාම මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත්කළ පසු, එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ අන් අය වෙත මාරු කිරීමට නොහැකි බවයි..
කෙසේ නමුත් ත්‍යාගය සමග ලබාදෙන පදක්කම විකිණීම හෝ වෙනත් කෙනෙකුට ලබා දීම හරහා "පදක්කමේ හිමිකාරීත්වය" වෙනස් විය හැකි වුවද, ත්‍යාගය හිමවූ පුද්ගලයා වෙනස් නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.
කෲර පාලනයට එරෙහිව නිදහස වෙනුවෙන් කරන සටනේදී අමෙරිකානු ජනතාව සහ වෙනිසුවෙලානු ජනතාවගේ සහෝදරත්වයේ සලකුණක් ලෙස තමන් නොබෙල් සාම ත්‍යාග පදක්කම ට්‍රම්ප් ජනාධිපතිවරයාටෙ පිරිනැමූ බව මරියා මචාඩෝ සඳහන් කර තිබේ.
මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ වෙනිසුවෙලානු විපක්ෂ නායිකාව අතර සාකච්ඡා අතරතුර ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක කැරොලයින් ලෙවිට්,වෙනිසුවෙලාව පිළිබඳව අදහස් පල කළා ය.
ඇය සඳහන් කළේ, මරියා මචාඩෝ යනු "විශිෂ්ට සහ නිර්භීත හඬක්" බවයි..
කෙසේ නමුත් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස් දක්වන සහයෝගය පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය සතුටු වන බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.
වෙනිසුවෙලාවේ ජනාධිපති නිකලස් මදූරෝ අමෙරිකානු හමුදා ග්‍රහණයට ගැනීමෙන් පසු එරට පාලනය අමෙරිකාවේ සහයෝගයෙන් විපක්ෂයට හිමිවෙනු ඇති බවට මත පළවූ අතර
කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය විසින්,නිකලස් මදූරෝ පාලන සමයේ උප ජනාධිපති ලෙස කටයුතු කළ ඩෙල්සි රොද්‍රිගස් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන්, විපක්ෂ නායිකා මරියා මචාඩෝගේ භූමිකාව ගැන ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්..
මේ අතර වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස් ඊයේ කරෑකස් අගනුවරදී සඳහන් කළේ, සිය රට පිලිබඳ සාකච්ඡා සඳහා අවශ්‍ය නම් වොෂින්ටන් නුවරට යා හැකි බවයි..
අමෙරිකාව ඉදිරියේ සිය පරිපාලනය භීතියට පත් නොවන බවත්,ඇය අවධාරණය කළේ ය.
