රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ආදායම ඉහළට..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය වසරේ රාජයට දුන් දායකත්වයේ වර්ධනයක්..

by Staff writer 15-01-2026 | 7:44 PM

COLOMBO(News1st) - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය වසරේ රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් තිබේ.

එය 173%ක වර්ධනයකි.

2024 ට සාපේක්ෂව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද  9% කින් වර්ධනය වී තිබේ.