දිස්ත්‍රික්ක 4කට ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක 4කට ගිගුරුම් සහිත වැසි

by Staff writer 15-01-2026 | 7:41 PM

COLOMBO(News1st) -කළුතර , ගාල්ල , මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට හෙට පස්වරු 4න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

සෙසු ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ සහ උතුරුමැද පළාත් වලත් ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.