‘Rebuilding Sri Lanka’ අරමුදලට පවුම් 2,000ක්

එක්සත් රාජධානියේ පුරවැසියෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්ටර්ලින් පවුම් 2,000ක මූල්‍යමය පරිත්‍යාගයක්....

by Staff writer 15-01-2026 | 11:36 AM

COLOMBO (News 1st) - එක්සත් රාජධානියේ පුරවැසියෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක සිදුකර තිබේ.

මෙලෙස මූල්‍ය පරිත්‍යාගය සිදුකර ඇත්තේ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් යුවලයි.

ඔවුන් විසින් ස්ටර්ලින් පවුම් 2,000ක මුදලක් මෙලෙස ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකා ජනතාවට සහය දැක්වීමේ අරමුණින් මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කළ බවත්, පසුගිය නත්තල් සහ නව වසර සමයේ සති තුනක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ තමන්ට රටේ ස්වභාවික සුන්දරත්වය, ජනතාවගේ උසස් මානව ගුණාංග සහ රසවත් ආහාර පිළිබඳ ඉතා ධනාත්මක හැඟීමක් ඇති වූ බවත් එම යුවල සඳහන් කර තිබේ.