අල්ලසක් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

දරුවෙකු පාසලකට දැමීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

by Staff writer 14-01-2026 | 3:40 PM

COLOMBO(News1st) - රුපියල් ලක්ෂ දෙකක අල්ලස් ලබා ගැනීමේ  චෝදනාව මත විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රදේශයේදී ය.

පැමිණිලිකරුගේ දියණිය 2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂයක් අවස්ථා තුනකදී ලබාගෙන ඉතිරි රුපියල් ලක්ෂ දෙක ලබා ගැනිමේදි  සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.