කල්දැමූ උසස් පෙළ විභාගය අද සිට..

කල්දැමූ උසස් පෙළ විභාගය අද සිට..

by Staff writer 12-01-2026 | 7:05 AM

COLOMBO (News 1st) -  දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමූ 2025 උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස අද ආරම්භ වෙයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ විභාගය අද සිට ලබන 20 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2086 කදී විභාගය පැවැත්වෙන බවයි.

නියමිත වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නැයිද ඇය විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි. 

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ , නිළ ඇඳුම් විනාශවූ විභාග අපේක්ෂකයින්ට පහසු ඇඳුමකින් විභාගයට පෙනී සිටීමට අවසර තිබෙන බවයි.

උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් මස 10 වැනිදා ආරම්භවී දෙසැම්බර් 5 වැනිදා අවසන්වීමට නියමිතව තිබුණි.

විභාගය කල් දමනු ලැබුවේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ය.