විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට..

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට..

by Staff writer 10-01-2026 | 5:53 PM

COLOMBO (News 1st) - විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සැකකරු අද (10) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700 ක් සහ විද්‍යුත් දුම්වැටි කිහිපයක්ද සොයාගෙන තිබුණි.

ඒවායේ වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ හතලිස් පන් දහසක්.