.webp)

එහි කේන්ද්‍රය අද දහවල් වන විට පැවතියේ මුලතිව් සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින්.
හෙට(11) වන විට එම අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
අඩු පීඩන කලාපයේ බලපෑමෙන් තවදුරටත් උතුරු පළාතට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර කොළඹ සිට පුත්තලම , මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යෑමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.
