.webp)
-608105.jpg)
මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය.
සෙබු (Cebu) නගරයේ බිනාලිව් (Binaliw) කුණු කන්දේ සුන්බුන් අතර සිරවී සිටි තුවාල ලැබූ සනීපාරක්ෂක සේවකයින් 12 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් පසුව රෝහල් ගත කෙරිණි.
අතුරුදහන් වූවන්ගෙන් බහුතරය එම ස්ථානයේ සේවය කළ සේවකයන් බව විශ්වාස කෙරේ. තවත් නායයාම් සිදුවීමේ අවදානමක් පවතින බැවින්, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් වෙත ළඟා වීම දුෂ්කර විය හැකි බව සෙබු නගරාධිපතිවරයා ABS-CBN පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
මෙම නායයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, එය අවධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් විය හැකි බව සෙබු නගර සභා මන්ත්‍රී ජොයෙල් ගාර්ගනේරා (Joel Garganera) සඳහන් කළේය.
