ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට

ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට

by Staff writer 08-01-2026 | 10:26 PM

COLOMBO(News1st) - කුවේට් බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකරු සදහන් කළේ, ගුවන් යානයේ කාර්මික දෝෂයක් පවතින බවට ඇතිවූ සැකයක් මත, එය යළි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බවයි.

ඉන්දීය ගුවන් සීමාවට ඇතුලු වීමෙන් අනතුරුව, එය යළි හරවා කටුනායකට පැමිණ ඇතැයි ඔහු සඳහන් කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යූඑල් 229 දරන අදාළ ගුවන් යානය ගමන් අරඹා තිබුණේ, අද පස්වරු 6.44 ට පමණයි.

එහි මගීන් 179 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සිට තිබේ.