.webp)
-607660.jpg)
COLOMBO (News 1st) - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන්ට ලබාදෙන සියලු මොඩියුල යළි පරික්ෂාවට ලක් කළ බව, අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
එහි ලේකම් නාලක කලුවැව සඳහන් කළේ, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව හේතුවෙන් සෙසු මොඩියුල ද, විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවය.
ඉන් අනතුරුව, ඒවා සිසුන් අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කරන ලදි.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ තුනක් ක්‍රියාත්මක වේ.
