වසරේ පළමු දින දෙක තුළ ඩෙංගු රෝගීන් 581ක්..

වසරේ පළමු දින දෙක තුළ ඩෙංගු රෝගීන් 581ක්..!

by Staff writer 04-01-2026 | 7:19 AM

COLOMBO (News 1st) - මේ වසරේ පළමු දින දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.

පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ඇය සඳහන් කළේ ය.