.webp)

COLOMBO (News 1st) - යාපනය මරදන්කේනී ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
වත්තිරායන් ප්‍රදේශයේ කෝවිලක පූජාවක් අතරතුර දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කළේ ය.
එහිදී මියගොස් ඇත්තේ, වත්තිරායන් ප්‍රෙද්ශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
මේ අතර, අගලවත්ත දෙල්පාවත්ත ප්‍රදේශයේදී සැමියා කළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇත.
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළ අතර මියගිය කාන්තාවගේ වයස, අවුරුදු 79 ක්.
84 හැවිරිදි ඇගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
