.webp)
-607491.jpg)
COLOMBO (News 1st) - කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් සිදුවී නොමැති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේදී උද්ධමනය 2.1%ක් ලෙස දැක්වුණු අතර දෙසැම්බර් මාසයේදීද එය 2.01%ක් ලෙස නොවෙනස්ව පවතී.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, හිතකර සංඛ්යානමය පදනම් බලපෑම නිසා උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
කෙසේ නමුත් නොවැම්බර් සහ දෙසැම්බර් සංසදනය කිරීමේදී දෙසැම්බර් මාසයේදී ආහාර නොවන ඛණ්ඩයේ උද්ධමනය දශම එකකින් ඉහළ ගොස්, 1.08%ක් ලෙස සඳහන් වේ.
