.webp)
-607255.jpg)
COLOMBO (News 1st) - නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර දෙකක් ක්රියාවිරහිත කර ඇතැයි ලංකා විදුලි බලමණ්ඩලය පැවසුවේය.
ඒ එක් ජනන යන්ත්රයක සිදුකරන සැලසුම් සහගත වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
අනෙක් ජනන යන්ත්රය ක්රියාවිරහිත කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කරන ලදි.
ජනන යන්ත්ර දෙක ක්රියාවිරහිත කිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි වේ.
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනෙන් එක් ජනන යන්ත්රයක් තවදුරටත් ජාතික පද්ධතියට එක්කර තිබේ.
