පළාත් කිහිපයකට අදත් වැසි..

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකියි! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 30-12-2025 | 6:41 AM

COLOMBO (News 1st) - උතුර,  නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.