අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමි වූ යෝජනා..

අද රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමි වූ යෝජනා..

by Staff writer 30-12-2025 | 4:15 PM

COLOMBO (News 1st)  - අද රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමි වූ යෝජනා..
1. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීමට කැබිනට් අනුමැතිය.

2. ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

3. රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය.

4. වතු ආශ්‍රිතව පාසල් 864ක් පිහිටුවා තිබේ. 
වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ගුරු නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය.

5. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය.

6. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටවීමේ පර්යන්තය සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු හතරක් සවි කිරීමට කැබිනට් අනුමැතිය.

7.  පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය.

8. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. අච්චුදන් මහතා 2026-01-01 දින සිට පත් කිරීමට කැබිනට් අනුමැතිය.

9. රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය.

10. අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කැබිනට් අනුමැතිය.