.webp)

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය පහළ යාම හෙට දිනයේත් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඒ, ඉන්දියාව දෙසින් එන වායු දූෂක ලංකාවේ වායු ගෝලයට ඇතුළු වීම හේතුවෙන් ය.
උතුර හා උතුරු මැද පළාත්වල වායු ගුණාත්මක දර්ශකය 100 ත් 150 මට්ටමක පවතියි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ, සංවේදී පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකාරී විය යුතු බවයි.
