සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි..

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි...

by Staff writer 28-12-2025 | 9:27 PM

COLOMBO (News 1st) -   සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතාගේ අත්සනින් ය.

ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී අදාළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුලින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ පසුගිය 29වැනිදායි.