.webp)
-607023.jpg)
COLOMBO (News 1st) - මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කර තිබේ.
ඒ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්ය.
ඒ අනුව හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇත.
චක්‍රලේකයේ දැක්වෙන්නේ ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවය.
මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
