.webp)
-607029.jpg)
COLOMBO (News 1st) - පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ආබාධිත පුද්ගලයින් 2200 ආසන්න සංඛාවක් පීඩාවට පත්ව ඇතැයි ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යලය වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් ඔවුන් භාවිතා කරන අත්‍යවශ්‍ය උපකරණ වලටද මෙම තත්ත්වය හේතුවෙන් හානි සිදුව ඇති බවය.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් එම පුද්ගලයින් පිළිබද තොරතුරු රැස් කිරිම ආරම්භ කර ඇති බවත් ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලේකම් කාර්යාලය පැවසුවේ ය.
එමෙන්ම ඔවුන්ගේ හානි වු උපකරණ වල වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වන්දි ලබා දෙනු ඇත.
