ගම්වලට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට, කොළඹට එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා - ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 28-12-2025 | 7:37 AM

COLOMBO (News 1st) - ගම්බිම් බලා ගිය ජනතාවට, කොළඹට පැමිණීම සඳහා අද (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ සූදානම් කර ඇති බවය.

මේ අතර කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඟඳහන් කළේ ය.

මේ අතර කොළඹ කොටුව-කන්කසන්තුරෙයි  නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද දිනයේ ධාවනයට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.

මාතර දුම්රිය ස්ථානයෙන් හෙට අළුයම 5ට  කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.