.webp)
-607124.jpg)
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට තීරණය කර තිබේ.
අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ය.
අභාවප්ප්‍රාප්ත ලතා වල්පොලගේ දේහය අද පස්වරු 3 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කිරීමට නියමිත වේ.
හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල ඊයේ (27) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණි.
ඒ, ලාංකේය ගීත කලාව තුළ ස්වර්ණමය මතකයන් රැසක් ඉතිරි කරමින් ය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇය අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 91ක්.
