.webp)
-607004.jpg)
COLOMBO (News 1st) - බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් BPL තරගාවලියේ Dhaka Capitals කණ්ඩායමේ සහකාර පුහුණුකරු වූ මහබුබ් අලි සාකි මියගොස් තිබේ.
ඒ, BPL තරගාවලියේ Rajshahi Warriors කණ්ඩායමට එරෙහිව අද පැවැත්විමට නියමිතව තිබූ තරගයට පෙර හදිසි හෘදයාබාධයක් හට ගැනීම හේතුවෙනි.
සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව තිබූ තරගය ආරම්භයට පෙර ඔහු ක්‍රීඩාංගණයේ ඇඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
මිය යනවිට 59 හැවිරිදි වියේ පසු වූ මහබුබ් අලි සාකි බංග්ලාදේශ ක්‍රිකට් විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.
2016 වසරේදී බංග්ලාදේශ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට වාර්තා වූ විට, ඔහු සමග කටයුතු කිරීම හේතුවෙන් මහබුබ් අලි සාකි ප්‍රසිද්ධ පුහුණුකරුවෙක් බවට පත්වුණා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම සමග කටයුතු කළ විවිධ විදේශීය පන්දු යැවීමේ පුහුණුකරුවන් සමග වැඩ කර ඇති සාකි එරට බොහෝ වේග පන්දු යවන්නන් සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් Dhaka Capitals සහ Rajshahi Warriors අතර තරගය නියමිත පරිදි අද පැවැත් වූ අතර තරගය ආරම්භයට පෙර ඔහු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විය.
තරගයෙන් Dhaka Capitals කණ්ඩායමට කඩුලු 05ක ජයක් හිමිවිය.
