.webp)

COLOMBO (News 1st) - ආපාදා සහන සඳහා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරකිරිමේදී සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
එවැනි සහනාධාර මුදල් වංචා කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කළ බව එහි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ ය.
උත්සව සමයේ ත්‍යාග දිනා ඇති බව පවසමින් දුරකතනය වෙත පැමිණෙන ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසද ඔහු දැනුම් දෙනු ලබයි.
