නායයෑමට ලක්වූ රෝහල් 8ක් වෙනත් ස්ථාන වෙත

නායයෑමට ලක්වූ රෝහල් 8ක් වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 26-12-2025 | 7:53 AM

COLOMBO (News 1st) - නායයෑම් හේතුවෙන් හානියට පත් රෝහල් 08 වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආපදාවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩිනමින් නගා සිටුවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ය.

ආපදාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වූ හානිය රුපියල් මිලියන 21742 ක් ලෙස ගණන් බලා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.