.webp)
-606713.jpg)
මේ වන විට ලොව බොහොමයක් රටවල කිතුණු බැතිමතුන් නත්තල උදාව මහත් හරසරින් සමරමින් සිටී.
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ සහභාගී වූ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදීයි.
උන්වහන්සේ එහිදී දේශනා කළේ , දිළින්දන්ට සහ ආගන්තුකයන්ට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට සමාන බවයි.
මෙවර නත්තලේ තවත් විශේෂත්වයක් වන්නේ ජේසු සමිදානන් උත්පත්තිය ලද බෙත්ලෙහෙමෙත් වසර 3කට පසු දහස් ගණනක් වූ කිතුණු බැතිමතුන් නත්තල් උදාවේදී රැස්ව සිටීමයි.
ගාසා තීරයේ පැවති යුද ගිනිදැල් හේතුවෙන් කිතුණු බැතිමතුන්ට බෙත්ලෙහෙමට එක්රැස් වීමට ඉඩහසර නොලැබිණි.
මේ අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුණු ජනතාව සමග එක්ව ලාංකික කිතුණු ජනතාවද නත්තල සැමරුවේ මහත් භක්තියකිනි.
මෙරට ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
ඊයේ මැදියම් රැයේ ආරම්භ වූ දේව මෙහෙය මෙහෙයවනු ලැබුවේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසිනි.
මේ අතර සිරස TV නත්තල් දේව මෙහෙය, කඩවත මහර කිරිමැටියාගාර ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්විය.
