මහින්ද පතිරණට එරෙහිව නඩුවක්...

මහින්ද පතිරණගෙන් බිලියන 10ක වන්දි ඉල්ලා නියෝජ්‍ය ඇමති වටගලගෙන් නඩුවක්..

by Staff writer 25-12-2025 | 8:51 AM

COLOMBO (News 1st) - මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ, කඩුවෙල දිසා අධිකරණය හමුවේයි.

පසුගියදා තමන් සම්බන්දයෙන් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන්, සිය කීර්ති නාමයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් එම නඩුව පවරා තිබේ.

ඒ් මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10 ක වන්දි ඉල්ලමිනි.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ, කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක් ඇතැයි මහින්ද පතිරණ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශයක් තමා සම්බන්ධයෙන් සිදුකර ඇති බවයි.