.webp)
-606794.jpg)
COLOMBO (News 1st) - දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රදවාගෙන ප්‍රශ්න කිරිමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
නාවිකා හමුදාව දකුණු මුහුදේදී සිය භාරයට ගත් යාත්‍රාව සැකකරුවන් සමග දික්ඕවිට වරායට රැගෙන ආවේ, ඊයේ (24) පෙරවරුවේදී ය.
දිනුක පුතා නැමති මෙම ධීවර යාත්‍රාව පසුගිය 9 වැනිදා මුහුදු ගොස් තිබුණේ ගන්දර ප්‍රදේශයෙන් ය.
ගොඩබිමට රැගෙන ආ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී උර 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 170ක් සොයා ගැනුණි.
එම පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 172 කට අධික තොගයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 21කට අධික තොගයක් සොයා ගෙන තිබේ.
නාවික දිගු දුර විශේෂ මෙහෙයුම් අංශයේ මූලිකත්වයෙන් නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය සහ වෙරළ ආරක්ෂක බලකාය එක්ව කළ මෙහෙයුමකදී අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරුවන්, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
යාත්‍රාවේ හිමිකරු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව, විමර්ශනවලදී අනාවරණයවී ඇත.
