.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එෆ්. යු. වුට්ලර් පැවසුවේ, බස්නාහිර පළාතේ පමණක් දේවස්ථාන ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2,500 ක් යොදවා ඇති බවයි.
මේ අතර රථවාහන රාජකාරි සඳහා පොලිසියේ දස දහසක් යොදවා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ අතර උත්සව සමය සාමකාමිව සහ ආරක්ෂාකාරීව සමරන ලෙස පොලීසිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.
රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී. ජේ. සේනාධිර පැවසුවේ උත්සව සමය හා නව වසරේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ කට්ටල 75,000 ක් ආනයනය කළ බවයි.
