ආපදාවලින් ධීවර ක්ෂේත්‍රයට මිලියන 7,649කට අධික හානි

ආපදා තත්ත්වයෙන් ධීවර ක්ෂේත්‍රයට රුපියල් මිලියන 7,649කට අධික හානියක් - ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය

by Staff writer 25-12-2025 | 9:58 AM

COLOMBO (News1st) - පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට රුපියල් මිලියන 7,649  කට අධික හානියක් සිදුව ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, ඉන් ජලජීවී වගා ක්ෂේත්‍රයට රුපියල් මිලියන 5,850ක  අලාභයක් සිදුව ඇති බවයි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මසුන්, ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් කර්මාන්තවලට බවට අනාවරණය වී ඇත.

එමෙන්ම කරදිය ධීවර ක්ෂේත්‍රයේ අලාභය රුපියල් මිලියන 1,799ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කරදිය අංශයේ ධීවර  යාත්‍රා 300 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී, 400කට අධික ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානි වී ඇති බව අනාවරණය වී තිබේ.