අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් සුබ පැතුම්...

''අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු'' ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්

by Staff writer 25-12-2025 | 7:10 AM

COLOMBO (News 1st) - යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු යැයි සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ නත්තල් දින පණිවිඩය නිකුත් කරමිනි.

සිය නත්තල් දින සුබ පැතුම නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින අවස්ථාවක මෙවර නත්තල සමරන බවයි.

නත්තලේ සැබෑ අරුත වන ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගය මුල් කරගනිමින්  පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ප්‍රමුඛ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.