අගමැති හරිනි නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි...

අගමැති හරිනි නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි...

by Staff writer 25-12-2025 | 7:23 AM

COLOMBO (News1st) - රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම අනෙකාට ප්‍රේම කිරීමේ උතුම් ධර්මතාව ලොවට පෙන්වා දෙමින්  යැයි, නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පැවති ස්වාභාවික විපත්වලින් පසු  රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් කටයුතු කළ යුතු බවයි.