බ්ලූමැන්ඩල් කන්ටේනර් අංගනයේ සේවා ඇරඹේ...

කොළඹ වරායේ තදබදය අවම කිරීමට බ්ලූමැන්ඩල් කන්ටේනර් අංගනයේ සේවා ඇරඹේ...

by Staff writer 24-12-2025 | 7:22 AM

COLOMBO (News 1st) - වරාය අධිකාරිය විසින් ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් බහාලුම් අංගනය බහාලුම් රථ ගාල් කර තැබීම සඳහා විවෘත කර තිබේ.

ඒ කොළඹ වරායේ බහාලුම් සේවා කටයුතු සහ රේගු නිශ්කාෂන කටයුතු තදබදය අවම කිරීමට ගත් කෙටි කාලීන විසදුමක් ලෙසයි.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.