කඩවතින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කඩවතින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට. - පොලීසිය

by Staff writer 24-12-2025 | 6:48 AM

COLOMBO (News 1st) - කඩවත දළුපිටිය ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවැසුවේ, වැල්ලවත්ත සිල්වා මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 114ක් සමග අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත එම වැටලීම කළ බවයි.

වැටලීමේදි කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 56 ක්,අයිස් කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 116 ක් හා හෙරෝයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 98 සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි  පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස හා මහර මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළ  බව පොලීසිය සඳහන් කළේ ය.